උණුසුම වැදී
හදවතේ වණ
දෙතුන් ගුණයකින්
ඉදිමී
තැවි තැවී
පැසවා සැරව පිට කොට
හඬා වැළපෙයි
ඉකි බිඳ
මන්දිරය
වෙත දිවෙන
මඟ දෙපස තුරු පිරූ
අරලියා මල් සුවඳ
නාස් පුඬු අතරින්
රිංගුවත්
නොමැත දැනුණේ
සිතට සුවයක්
කිසිවිටෙක
ඒ වෙනුවට
හිරිකිතය දැනී
ඔක්කාරයට ආවත්
මැඬ ගතිමි
දත් මිටි කමින්
අවට සිටින්නන්
පිළිකුල් කරාවි යැයි
බියෙන්
ඒ වෙනුවට
මවාගත් සිනාවෙන්
සරසාගතිමි දෙතොලග
අමු අමුවේ මර දමා
හදේ පැන නැඟුණු සිතුවිලි
දණ නමා වැන්දෙමි
දෑත් එක්කොට වැන්දෙමි
සඟවා දමා
මා
හදවතේ අඳුරු මුල්ලක
කිසි දිනක යළි
එලියට ගත නොහෙන සේ
බියකරු අනාගතයට බියෙන්
පැළඳගත්තෙමි
පාට කණ්ණාඩියක් දෑසේ
තුරුළු කර ගත්තෙමි පෝස්ටර් මිටියක්
මහා මැඳුරේ ගේට්ටුව ළඟ
කවි පද ටික ලස්සනයි ..............
ReplyDelete